Saturday, 22 April 2017

සූර්ය බලය 05 - මේකෙන් ලාභ ගන්න පුලුවන්ද ?

බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්. සෝලා සිස්ටම් හදන එක ලාබද? මට ඒකෙන් වාසියක් තියනවද ?

මේක උත්තර දෙන්න තරමක් අමාරු ප්‍රශ්නයක්. හේතුව එක එක සෝලා සමාගම් වල මිල වගේම ඒ අයගේ වොරන්ටි සහ සේවා වෙනස් වීම. ඒ වගේම නයක් අරන් කරනවාද , සල්ලි වලින් කරනවාද කියන එකත් බලන්න වෙනවා.

ඒ නිසා කොමන් කේස් එකක් අරන් බලමු


ඔබේ මාසික විදුලි බිල රුපියල් 4000ක් පමණ

  1. 8% සෝලා නයක් අවුරුදු 7 කට අරන් හදනවනම් 1kw සිස්ටම් එකක් එකක් රුපියල් 240,000ට අඩුවෙන් ගන්න බලන්න.
  2. අතේ සල්ලි වලින හදනවනම් 1kw සිස්ටම් එකක් 425,000 වඩා අඩුවෙන් ගන්න බලන්න. ඊට වැඩිනම් ඒගාන ෆික්ස් ඩිපොසිට් එකක දාන්න.
මේ ගනන් කියන්න කොහොමද කියල දැනගන්න ඕනෙ නම් තව කියවන්න.

මේ ලියන මොහොතේ ඇති විදුලි මිල ගනන් අනුව ඔබේ දින 30ක විදුලි පරිබෝජනය ඒකක 180 පමන. මේ ප්‍රමානය නිපදවා ගැනීමට අවශ්‍ය සෝලා සිස්ටම් එකේ ප්‍රමානය ගනනය කරමු.

කිලොවොට් 1ක පද්ධතියකින් ප්‍රායෝගිකව මාසෙකට ගන්න පුලුවන් ඒකක 120ක් විතර ප්‍රමාණයක්. මේ අගය ප්‍රායෝගිකව ලබාගත් අගයක්. ඒ කියන්නෙ ඔබට ඒකක 180ක් නිපදවා ගන්න කිලොවොට්  180/120 = 1.5kw ප්‍රමානයේ පද්ධතියක් අවශ්‍ය වෙනවා.

දැනට විදුලි බිල ගනනය කරන ආකාරය අනුව මුල් ඒකක 90 අපිට ලැබෙන්නේ රු861 කට දෙවෙනි 90ට රු3139ක් යනවා. මුල් ඒකක 90 අඩුවට ලැබෙන නිසා උපරිම ලාබයක් ගන්න නම් අපි සෝල සිස්ටම් එක හැදුවත් ඒකක 90 මන්ඩලයෙන් ගන්න විදියට හදන්න ඕනේ

මේ පොස්ට් එක ලියන්නේ උපරිම පෞද්ගලික ලාබය ගන්නේ කොහොමද කියලා නිසා අපි දැන් බලමු ඒකක 90ක් හදන්න.

ඒකක 90ක් හදන්න අපිට ඕනෙ 90/120 = 0.75kw  පද්ධතියක්. මේ ප්‍රමානයේම පද්ධති හදන සමාගමක් හොයා ගන්න අමාරු වෙයි. සමහර පලාත්වල විදුලිබල මන්ඩලත් අඩුම  1kw පද්ධති තමයි අපෲව් කරන්නේ. ඒ නිසා අපි කිලොවොට් 1ක පද්ධතියක් බලමු.

කිලොවොට් 1ක පද්ධතියෙන් එන්නේ ඒකක 120යි. ඒ නිසා අපිට ඒකක 60ක් මන්ඩලෙන් ගන්න වෙනවා. එකට යනවා රුපියල් 280ක්. කලින් 4000ක් බිල ගෙවපු නිසා දැන් ගාන 4000-280 = 3720 කින් අඩු වෙලා. දැන් මේ  මාසෙකට ඉතුරු වෙන 3720 ට වඩා අඩුවෙන් කිලොවොට් 1ක පද්ධතියක් හදන්න පුලුවන්ද බලමු.

1. නයක් අරන් හදන්න බලමු
සෝල සිස්ටම් හදන්න අවුරුදු7 කට 8% පොලියට නය දෙනෙව කියල කියනවා. මේක ගත්ත කෙනෙක් නම් දන්නෙ නෑ. ඒත් ගන්න පුලුවන් කියල හිතල ගාන හදමු. මේ ලොන් කැල්කියුලේටරේ ( http://www.nsb.lk/calculator/ )අනුව 240,000 ක නයකට මාසෙකට ගෙවන්න වෙන්නේ රු 3740. ආසන්නව අපිට ආපු ගාන.


































නයක් අරන් හදනවනම් කිලො වොට් එකක් රුපියල් 240,000ට අඩුවෙන් ගන්න බලන්න.

2. අතේ ඇති මුදලින්

සල්ලි ෆික්ස් ඩිපොසිට් දාන්නෙ නැතුව ඒකෙන් සෝල සිස්ටම් එකක් හැඩුවොත් වාසි වෙන්නෙ කීයට හැදුවොත්ද කියල බලමු. මම මෙන්න මේ බැංකුවේ අවුරුදු 5කට , මාසික පොලිය ගන්න ෆික්ස් ඩොපොසිට් එකක් එක්ක සසඳලා බලනවා. ඊට වඩා වැඩියෙන් දෙන බැංකු සමහරවිට ඇති.




























මේ අනුපාත අනුව 425,000ක් අවුරුදු 5 කට මාසෙකට පොලී ගන්න දැම්මොත් මාසෙකට එනවා 425,000 X (0.105/12) = 3718.75ක්.  අපේ 3720ට ආසන්නයි.

ඒ කියන්නේ අතේ තියන සල්ලි වලින් හදනවනම් 425,000කට වඩා අඩුවෙන් හදන්න බලන්න. ඊට වඩා අඩු නැත්නම් ඔය කිව්ව ෆික්ස් ඩිපොසිට් එක ඊට වඩා ලාබයි.

මෙතන එක වැදගත් දේවල් කීපයක් කියලා නෑ. නය ගෙවලා ඉවර උනාට පස්සේ විදුලිය නොමිලේ. වොරන්ටි, වොරන්ටි ඉවර උනාම මොකද වෙන්නේ,වෙන මුකුත් ප්‍රශ්නයක් උනාම සවිස් එක. ඔන්න ඔය දේ ගැනත් හොයල බලන්න

මෙහි වැරදි තියනවා නම් twimalasuriya@gmail.com ට ඊමේල් කරන්න. නැතිනම් ෆෙස්බුක් එකෙන් ඉන්බොක්ස් කරන්න https://web.facebook.com/twimalasuriya

Saturday, 25 March 2017

සූර්ය බලය 04 - ඉන්වටර්

සූර්ය බලය මගින් විදුලිය ලබා ගන්න විට අපි බොහෝ විට ඉන්වටර් භාවිතා කරනවා. ඉන්වර්ට් යනු සරල ධාරාවක් (DC) ප්‍රත්‍යාවර්ත ධාරාවක් (AC) බවට පත් කිරීමයි
 

ඉන්වටර් ප්‍රධාන වශයෙන් මෙසේ වර්ග කල හැකියි
1. ඔෆ්-ග්‍රිඩ්
2. ග්‍රිඩ්-ටයිඩ්
3. හයිබ්‍රිඩ්


(1) ඔෆ්-ග්‍රිඩ් ඉන්වටර්

ඔෆ්-ග්‍රිඩ් යනු ග්‍රිඩ් එකෙන් ඈත්වූ යන්නයි. සාමාන්‍යෙන් ඔෆ්-ග්‍රිඩ් සිස්ටම් පාවිච්චි කරන්නේ ග්‍රිඩ් එකේ විදුලිය නොලැබෙන ඈත පලාත් වල අය. ඔෆ්-ග්‍රිඩ් සිස්ටම් එකකදී බැටරියක විදුලිය ගබඩා කර ගැනීම අනිවාර්යෙන් සිදු වෙනවා. බැටරි වල ගබඩා කර ගන්නා විදුලිය අපි ඔෆ්-ග්‍රිඩ් ඉන්වටර් එකක් මගින් AC බවට හරවා අපේ විදුලි උපකරණ ක්‍රියා කරවනවා. මෙහිදී විදුලිය ග්‍රිඩ් එකට කිසිම විටක සම්බන්ද වෙන්නේ නෑ



ඔෆ්-ග්‍රිඩ් ක්‍රමයේ ප්‍රධාන වාසිය බැටරි චාජ් වෙලානම් ඕනෑම වෙලාවක විදුලිය තිබීමයි. ප්‍රධාන අවාසිය බැටරි වලට වියදම් කිරීමට සිදුවීම. බැටරි හොඳින් බලා ගන්නත් වෙනවා. බැටරි කාලෙන් කාලෙට මාරු කරන්නත් වෙනවා.


ඔෆ්-ග්‍රිඩ් ඉන්වටර් වර්ග දෙකක් තිබේ
(a)මොඩිෆයිඩ් සයින්
(b)පියෝ සයින්





මොඩිෆයිඩ් සයින් ඔෆ්-ග්‍රිඩ් ඉන්වටර්
මේවා පියෝ සයින් ඉන්වටර් වලට වඩා මිලෙන් අඩුය. මෝටර්, ට්‍රාන්ස්ෆොර්මර් ආදිය ක්‍රියා කරවීමට එතරම් සුදුසු නැත. බල්බ්, ටීවී , පරිගනක, ලැප්ටොප් ආදියට සුදුසුය. මෙහි එන විදුලිය පහත හැඩය ගනී


http://www.zoombd24.com/wp-content/uploads/2015/09/modified.jpg



පියෝ සයින් ඔෆ්-ග්‍රිඩ් ඉන්වටර්

මේවා මොඩිෆයිඩ් සයින් ඉන්වටර් වලට වඩා මිලෙන් වැඩිය. වොට් ගනන් ප්‍රමානවත් නම් ග්‍රිඩ් එකේ විදුලියෙන් ක්‍රියා කරන ඕනෑම උපකරනයක් ක්‍රියා කරවීමට සුදුසුය. මෙහි එන විදුලිය පහත හැඩය ගනී


http://www.zoombd24.com/wp-content/uploads/2015/09/pure.jpg



(2) ග්‍රිඩ්-ටයිඩ් ඉන්වටර්


ග්‍රිඩ් ටයිඩ් යනු ග්‍රිඩ් එකට සම්බන්ද කල යන්නයි. මේ වර්ගයේ ඉන්වටර් ක්‍රියාත්මක වන්නේ ග්‍රිඩ් එකේ විදුලිය තියෙනවා නම් පමනි. තවත් ලේසි විදියකට කියනවා නම් කරන්ට් ගියාම සෝල සිස්ටම් එකෙත් කරන්ට් නෑ. ග්‍රිඩ් එකේ කරන්ට් තියන වෙලවට ඉර එලියත් තියනවා නම් සොලා පැලන් වලින් එන විදුලිය AC බවට හරවා ග්‍රිඩ් එකට විකිනීම තමයි මෙහි වෙන්නේ. අපේ සෝලා සිස්ටම් එක පුංචි විදුලි බලාගාරයක් විදියට ක්‍රියා කරනවා.


ග්‍රිඩ් ටයිඩ් ක්‍රමයේ ප්‍රධාන වාසිය බැටරි අවශ්‍ය නොවීමයි. ප්‍රධාන අවාසිය ග්‍රිඩ් එකේ කරන්ට් නැති විට සෝලා සිස්ටම් එකේද කරන්ට් නැතිවීමයි. නිතර කරන්ට් කපන පලාතක් නම් මේක ප්‍රශ්නයක් විය හැකිය.

ග්‍රිඩ් ටයිඩ් ඉන්ව්ටර් වර්ග දෙකක් ඇත

(a) ග්‍රිඩ් ටයිඩ් ස්ට්‍රින්ග් ඉන්වටර්
(b) ග්‍රිඩ් ටයිඩ් මය්ක්‍රො ඉන්වටර්


ග්‍රිඩ් ටයිඩ් ස්ට්‍රින්ග් ඉන්වටර්
මෙහිදී සොලා පැනල් සියල්ල එක ලොකු ඉන්වටර් එකකකට සවි කරනු ලැබේ. පැරණි, සම්මත ක්‍රමයයි. මිල වැඩිය.



ග්‍රිඩ් ටයිඩ් මය්ක්‍රො ඉන්වටර්

 මෙහිදී සොලා පැනල් එකකට කුඩා ඉන්වටරය බැගින් සවි කරයි. සමහර අවස්ථාවලදී පැනල් දෙකකට එක ඉන්වටරයක් සවි කරයි. නව ක්‍රමයක්. පැරණි සෝලා සමාගම් මේ ක්‍රමයට එතරම් කැමති නැත. මිල අඩුය. කාර්යක්ෂමතාවය සාමාන්‍යෙන් වැඩිය.



(3) හයිබ්‍රිඩ් ඉන්වටර්

ග්‍රිඩ් ටයිඩ් සහ ඔෆ්-ග්‍රිඩ් වර්ග දෙකේ මිශ්‍රනයකි. ග්‍රිඩ් එක නැති විට ඔෆ්-ග්‍රිඩ් එකක් ලෙස ක්‍රියා කරයි. වැඩි පුර විදුලිය බැටරි වල ගබඩා කර ගනී. මිල ග්‍රිඩ්-ටයිඩ් වලට වඩා වැඩිය



 


මෙහි වැරදි තියනවා නම් twimalasuriya@gmail.com ට ඊමේල් කරන්න. නැතිනම් ෆෙස්බුක් එකෙන් ඉන්බොක්ස් කරන්න https://web.facebook.com/twimalasuriya

Wednesday, 8 March 2017

සූර්ය බලය 03 - විදුලි බල මන්ඩලයට සමු දීම

විදුලි බල මන්ඩලයට සමු දීම කිව්වට තාම සම්පූර්නයෙන් සමුදීලා නෑ. සවස 6 සිට උදේ 6 දක්වා පමනයි. සියලු විස්තර ලඟදීම බලාපොරොත්තු වන්න


Thursday, 1 December 2016

How did I reduce the electricity bill by 85%


This is my electricity usage from December 2015 to October 2016. As you can see I was able to bring down grid usage of 220 units down to 90

Let me explain how I did it so may be you too can help to ease the load on the grid, and in the process save some money and lower your carbon foot print a little too.

The goal


I need to stress that the main goal was to reduce the electricity usage. This was due to the power cuts in March/April and CEB's campaign to get people to save energy. Saving money was not a goal . So if you want to calculate the return on investment, just DON'T read any further.

Catching the culprits

I suspected that may be some of my devices were wasting energy. So I monitored power usage of several appliances using a watt-hour meter I previously bought from ebay. I connected a plug and a socket to the watt meter in such a way so that I can power up any device while monitoring its power use.




Few interesting observations were noted.

1. The old fridge was talking about 2.5 units of power daily
2. The bathroom exhaust fan was working 24X7 and it too was using about 0.8 units daily
3. The washing machine was operated several times a day by the babysitter.


Corrective measures

1. Fixed a PIR sensor and other controlling logic, so that bathroom fan is off after 2 mins of the occupant leaving the bathroom. This saved over 0.7 units a day.
2. Washing machine is operated only after enough cloths are collected.
3. The old fridge stopped working. So I replaced it with a 'inverter type' fridge. This saved up to 2 units a day

These corrective measures alone brought down the usage by 30% and bill by 50% in March 2016


Own power generation

1. I implemented a small scale off-grid solar power system using a 100w solar panel. This generated 0.4 units a day and it was able to cover some of the lighting needs
2. Later I implemented a 600w off-grid solar power system which generates over 2 units


Own power generation and the Corrective measures was enough to bring down a monthly usage of 220 units to under 90 units. 

Future Goals

1. Implement a grid-tie system to reduce stress on the batteries of my off-grid system
2. Bring the net grid usage to zero



If you have any comments , please add a comment below. You can find me on facebook at https://web.facebook.com/twimalasuriya if you want more information





Tuesday, 6 September 2016

සූර්ය බලය 02 - ග්‍රිඩ් ටයිඩ් සූර්ය බල පද්ධතියක් සාදමු

ග්‍රිඩ් ටයිඩ් එකක් තමන්ම හදනවනම් මුලින්ම පලාතේ විදුලි ඒරියා ඔෆිස් එකට ගොස් විදුලි ඉන්ජිනේරු මහතා හමු වන්න. තමන්ගේම ග්‍රිඩ් ටයිඩ් එකක් සෑදීමට යන බව කියා, අයදුම් පතක් ඉල්ලන්න. පද්ධතිය සෑදූ පසු 'ටොටල් හාමොනික් ඩිස්ටොශන්' ටෙස්ට් එකක් කිරීම අවශ්‍යද, එය විදුලිබල මන්ඩයයේම ( නැතිනම් ලෙකෝ එකේම ) ටෙස්ටර් වලින් කරනවාද කියා අනිවාර්යෙන් අහන්න. ටෙස්ට් කිරීම අනිවාර්ය සහ ටෙස්ට් කල යුත්තේ අපගේ ටෙස්ටර් වලින් කීවොත් තනියම සෑදීම අමතක කරලා දාන්න


කුඩා ඔෆ් ග්‍රිඩ් එකක් හදන විදිය මම කලින් පොස්ට් එකක දැම්මා. නමුත් ඔෆ් ග්‍රිඩ් වල ප්‍රායෝගික ගැටලු කීපයක් තිබෙනවා.



  1. විදුලිය ගබඩා කිරීමට බැටරි අවශ්‍ය වීම
  2. බැටරි නඩත්තුව කල යුතු වීම

මේ නිසා වැඩි දෙනෙකු යොමු වන්නේ ග්‍රිඩ් ටයිඩ් හෙවත් විදුලි බල මණ්ඩලයේ විදුලි බල ජාලය හා සම්බන්ධ වුනු සූර්ය බල පද්ධති වෙතයි. මේ ලිපියෙන් බලා පොරොත්තු වෙන්නේ කිලො වොට් 1.2ක ග්‍රිඩ් ටයිඩ් සිස්ටම් එකක් තමන්ම හදා ගන්නා හැටි පෙන්වා දෙන්නයි.



මේ ලිපියේ වැරදි තැන් තියනවානම් කරුනාකර  පහත විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න thiwankaw@gmail.com


සූර්ය පැනල් වර්ගය තීරනය කිරීම

ප්‍රධාන වශයෙන් පැනල් වර්ග දෙකක් තියනවා. 1. මොනොක්‍රිස්ටලීන් 2. පොලික්‍රිස්ලටලීන්. මීට අමතරව තව වර්ග විශාල ගනනක් තිබුනත් අපි ඒවා ගැන කතා කරන්න යන්නේ නෑ. දැන ගන්න අවශ්‍ය අය විකී පීඩියා එකේ මේ ලිපිය බලන්න.
https://en.wikipedia.org/wiki/List_of_types_of_solar_cells



මොනොක්‍රිස්ටලින්පොලික්‍රිස්ටලින්
මිලෙන් වැඩියිමිලෙන් අඩුයි
වර්ග මීටරයකින් ලැබෙන වොට් ගනන වැඩියිවර්ග මීටරයකින් ලැබෙන වොට් ගනන අඩුයි
වැඩි උෂ්නත්ව යටතේ ක්‍රියා කාරීත්වය අඩුයිවැඩි උෂ්නත්ව යටතේ ක්‍රියා කාරීත්වය වැඩියි
අඩු ආලෝක තත්ව යටතේ ක්‍රියා කාරීත්වය වැඩියිඅඩු ආලෝක තත්ව යටතේ ක්‍රියා කාරීත්වය අඩුයි
ආයු කාලය වැඩියිආයු කාලය අඩුයි


ලංකාවෙ තිබෙන උශ්නත්වය අනුව මොනෝ තෝරා ගැනීම වඩා උචිතයි

ඉන්වටරය තීරනය කිරීම

ග්‍රිඩ් ටයිඩ් පද්ධතියකට අපිට ප්‍රධාන වශයෙන් පහත ඉන්වටර් භාවිතා කරන්න පුලුවන්
  1. ස්ට්‍රින්ග් ඉන්වටර්
  2. මයික්‍රො ඉන්වටර්
ස්ට්‍රින්ග් ඉන්වටර් තමයි සාම්ප්‍රදායික ක්‍රමය. ඔක්කොම පැනල් එක ඉන්වටරයකට සම්බන්ධ වෙනවා. මයික්‍රො ඉන්වටර ක්‍රමය අලුත්. ඒකෙදි පැනල් 1,2 හෝ 4 එක ඉන්වටරයකට සම්බන්ධ කරනවා. 



ස්ට්‍රින්ග් ඉන්වටර්මයික්‍රො ඉන්වටර්
පිලිගත් තාක්ෂණයයිනව තාක්ෂනයයි
ඩීසී ඔප්ටිමයිසර් නොමැතිනම් එක් පැනලයකටසෙවනැල්ලක් වැටුනු විට මුලු පද්ධතියටම එය බලපායිඑක් පැනලයකට සෙවනැල්ලක් වැටුනු විට මුලු පද්ධතියටම එය පාන්නේ නැත
ඉන්වටරය පැනල් අසල සවි නොකරන නිසා ධාරාව අඩු කර ගැනීමට පැනල් ශ්‍රේනි ගත කරයි. අධික ඩීසී වෝල්ටීය තාවක් ඇත.ඉන්වරටය පැනල් අසලම සවි කරන නිසාශක්ති හානිය අඩුයි.
පද්ධතිය විශාල කිරීම අපහසුය.පද්ධතිය විශාල කිරීම පහසුය
කාර්යක්ෂමතාවය මදක් අඩුයකාර්යක්ෂමතාවය මදක් වැඩිය


ලංකාවේ බොහෝ සූර්ය පද්ධති ආයතන තවමත් ස්ට්‍රින්ග් ඉන්වටර් භාවිතා කලත්, මම තෝරා ගන්නේ මයික්‍රො ඉන්වරයයි. ප්‍රධාන හේතු වන්නේ කුඩා පද්ධතියකින් අරඹා ක්‍රම ක්‍රමයෙන් විශාල කර ගැනීමට ඇති පහසුවයි



කිලො වොට් 1.2 සූර්ය බල පද්ධතිය

මම මේ සඳහා යොදා ගන්නේ වොට් 300 මොනෝක්‍රිස්ටලින් පැනල් 4ක් සහ වොට් 600 WVC මයික්‍රො ඉන්වටර 2ක්.

මගේ 2016 වසරේ ඇවරේජ් විදුලිය භාවිතය ඒකක 184. මුල් ඒකක 90 විදුලිබල මන්ඩලයෙන් ගන්න එක ලාබයි. එහෙම් හිතුවොත් මම සොල සිස්ටම් එකෙන් ඉතුරු ඒකක 94 ජනනය කලා නම් හරි.  සාමාන්යෙන් කිලොවොට් එකක් සිස්ටම් එකකින් මාසෙකට ඒකක 110 ගන්න පුලුවන්. ඒ කියන්නේ ඒකක 94ක් හදන්න 94/100 = 855 වොට් සිස්ටම් එකකින් පුලුවන්.

මම ගන්නේ වොට් 300 පැනල් නිසාත්, වොට් 600 WVC මයික්‍රො ඉන්වටරයට පැනල් 2ක් සවි කරන්න හැකි නිසාත් මම තීරනය කලා  වොට් 300 පැනල් 4 අරගෙන කිලො වොට් 1.2 පද්ධතියක්ම හදන්න.

පැනල් සවි කිරීම

මම ගත්ත වොට් 300 මොනො ක්‍රිස්ටලීන් ඇමරීසොලා පැනල් කිලො 26ක් රයි. ඒ නිසා තනිවම මේවා වහලය මතට ගන්න එක තරමක් අසීරුයි. මම් වහල උඩට ගත්තේ ඇලුමිනියම් ඉනිමග ලොකු කෝනයකට තියලා, පැනල් එක ඒමත උඩට ලිස්සවීමෙන්.
පැනල් සවිකරන්න හොඳම ක්‍රමය දකුණට බෑවුම තිබෙන සේ අංශක 7ක කෝණයකින්. මගේ වහලයේ එසේ දකුණට බෑවුමක් නෑ. ඒනිසා වැඩිම අව්වක් එන විදියට සවි කලා.  මගේ පැනල් දැනට සවිකරලා තියෙන විදිය එතරම් හොඳ නෑ. එය වෙනස් කලපසු පින්තූර දමා මේ කොටස වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.



ඉන්වටරය සවි කිරීම


මම භාවිතා කරන 600 ඉන්වටරය මයික්‍රො ඉන්වටරක්. ඒක සවි කරන්නේ පැනල් වලට ලඟින්. පැනල් වලට යටින් සවි කරන්නත් පුලුවන්. පැනල් අධිකව රත්වෙන නිසා පැනල් එකට අඟල් 6ක් විතර දුරින් සවි කරන්න. මේවා ඇතුලට වතුර යන්නේ නෑ. ඒ උනාට වැස්සට තෙමෙන්නේ නැතිවෙන්න තියන්න. රත්වෙන නිසා හොඳින් වාතාස්‍රය ලැබෙන විදියට සවි කරන්න.


පැනල් සහ ඉන්වටර් වසර ගනනාවක් අව්වට වැස්සට නිරාවරනය වෙලා තියන නිසා මේවා සවි කිරීමේදී ඒගැන සැලකිලිමත් වෙන්න. පැනල් සවි කිරීමේදී  ඇලුමිනියම්,  ගැල්වනයිස් , මළ නොකන වානේ වැනි දේවල් භාවිතා කරන්න. වහල උඩ යන වයර් උසස් තත්වයේ PVC බට වලින් රැගෙන යන්න. වයර් එකට සම්භන්ද කරන තැන්වලට වයර් නිකම්ම අඹරන්නේ නැතුව ඒ සඳහා විදුලි කාර්මිකයන් භාවිතා කරන ක්‍රම යොදා ගන්න. විදුලි දැනුම අඩුනම් වයරින් එක විදුලි කාර්මික මහතෙකු ලවාම කර ගන්න.



පැනල් වලට ඉන්වටරය සවි කිරීම

මම භාවිතා කරපු wvc-600 ඉන්වටරයට වොට් 300 පැනල් දෙකක් සවි කරන්න පුලුවන්. ඉන්වටරයේ සහ පැනල්වල MC-4 වර්ගයේ කනෙක්ටර් මේ සඳහා භවිතා කරනවා


පැනල් හතර සම්බන්ද කලේ මේ විදියට. පස්සෙ ඕනෙනම් තව පැනල් දෙකක් එක්ක තව ඉන්වටර් එකක් මේකටම එකතු කරන්න පුලුවන්








ලියලා ඉවර නෑ

Thursday, 18 August 2016

සූර්ය බලය 01 - කුඩා සූර්ය බල පද්ධතියක් සාදමු

සූර්ය බල පද්ධති ගැන දැන් විශාල උන්නදුවක් තියනවා. ඒ නිසා මුහුනු පොත හරහා මේ ගැන අහන අයගේ විශාල වැඩි වීමක් තියනවා. පෞද්ගලිකව වෙන වෙනම කතා කරනකොට දැනුම බෙදීම අකාර්යක්ෂමයි. ඒ නිසා තමයි මේ ලිපි පෙල ලියන්නේ.

මේ ලිපියේ වැරදි තැන් තියනවානම් කරුනාකර  පහත විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න
thiwankaw@gmail.com


සූර්ය බලය ලබා ගත හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනෙවා.

1. සූර්ය තාපයෙන්.
2. සූර්ය ආලෝකයෙන්.

මේ ලිපියෙන් කතා කරන්නේ සූර්ය ආලෝකයෙන් බලය ලබා ගැනීම ගැන.

සූර්ය පැනල් වල ප්‍රමානය තීරණය කිරීම


මේ තීරනය ගැනීමට අවශ්‍ය වන්නේ අපි සූර්ය බලයෙන් කුමක් කිරීමට  බලා පොරොත්තු වන්නේද යන්නයි. අපිට වොට් 10 එල්.ඊ.ඩී බල්බ් 5ක්, පැය 6ක් දල්වන්න අවශ්‍ය යයි සිතමු.  මේ වොට් ගාන පැය ගානෙන් වැඩි කලාම අපිට වොට් පැය ගාන සොයා ගන්න පුලුවන්.


වොට් 10 බල්බ 5 සඳහා වොට් ගනන = 10 X 5 W
පැය ගනන = 6  ( 6pm - 11pm , 5am - 6am)
වොට් පැය ගනන = 10 X 5W X 6h =  300Wh

අපට පැය 12ක් පමන හිරු එලිය ලැබුනත් සාමාන්‍ය සූර්ය පැනලයකට ලැබෙන පැය ගනන 3-4 පමන වෙනවා. එයට හේතු වන්නේ පැනල සූර්යා දෙසට එක එල්ලේ තිබෙන්නේ දහවල් පමනක් නිසායි. උදේ සහ සවස පැනල පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කරන්නේ නෑ.ඊට අමතරව වැස්ස සහ වලාකුලු නිසාත් ප්‍රායෝගිකව ලබා ගත හැකි "හිරු පැය" ගනන සීමා වෙනවා











(උදේ 6:00 සිට සවස 6:00 දක්වා)




අවශ්‍ය වොට් පැය ගනන = 300 Wh
සම්පූර්න හිරු එලිය ලැබෙන පැය ගනන = 3h
පැනල් එකේ වොට් ගනන = 300 Wh / 3h = 100 W

 

පැනල් ගැන නිතර අහන ප්‍රශ්න කීපයක්


Q1. පැනල් ගන්නේ කොහෙන්ද ?
A1. පිටකොටුවේ පලවන හරස් වීදියේ ඉලෙන්ට්‍රොනික් කඩ වලින් බලන්න.

Q2. මොනො ක්‍රිස්ටලින් සහ පොලි ක්‍රිස්ටලින් වලින් මොකක්ද හොඳ?
A2 . පොඩි සිස්ටම් එක්කදි මේක එච්චර වැදගත් නෑ. ලොකු සිස්ටම් එකක් ගැන බ්ලොග් එකේදී කතා කරමු

Q3. පැනල් එකේ  වොල්ට් ගාන කීයද ?
A3. වොල්ට් 12 සිස්ටම් එකකට අපි ගන්න පැනල් එකකින් වොල්ට් 18ක් එනවා.

Q4. පැනල් එකේ  ඇම්පියර් කීයක් එනවද
A4. වොට් 100 පැනල් එකක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරනවිට ඇම්පියර් 5-6 පමන එනවා. ( W = VI )

Q5. සූර්යා දෙසට එල්ල වන ට්‍රැකින් සිස්ටම් එකක් සමග පැනල් භාවිතා කලොත් වැඩි ශක්තියක් ලබා ගත හැකි නේද?
A5. ඔව්. නමුත් මිකැනිකල් කොටස් වැඩි වන නිසා නඩත්තු වියදම වැඩියි. ඒ නිසා වැඩි දෙනෙක් පැනල් සමග ට්‍රැකින් පාවිච්චි කරන්නේ නෑ. මහා පරිමණයේ සෝලා ෆාම් වලනම් ට්‍රැකින් පාවිච්චි කරනවා


විදුලිය ගබඩා කර ගැනීම

අපි සූර්යාලෝකයෙන් විදුලිය ජනනය කරන්නේ දවල්ට, අපිට විදුලි බල්බ දල්වන්න අවශ්‍ය රෑට. මේ නිසා මේ විදුලිය ගබඩා කරගත යුතුයි. සූර්ය බල පද්ධති සඳහා අපිට පහත වර්ගවල බැටරි පාවිච්චි කරන්න පුලුවන්


  • ලෙඩ් ඇසිඩ් ස්ටාටර් බැටරි
  • ලෙඩ් ඇසිඩ් ඩීප් සෙල් බැටරි
  • ලිතියම් අයන් බැටරි
තව වසර කිහිපයකින් ලිතියම් බැටරි වල විදුලිය ගබඩා කිරීම වඩා ලාභ දායී වෙනු ඇති. නමුත් තවමත් ලෙඩ් ඇසිඩ් බැටරි මේ සඳහා වඩාත් ගැලපේ. 

ඩීප් සෙල් බැටරි මිලෙන් අධිකයි. ඒ නිසා අපි මෙහිදී භාවිතා කරන්නේ ස්ටාටර් බැටරි හෙවත් සාමාන්‍ය වාහන බැටරිය.


බැටරියේ ප්‍රමාණය තීරණය කිරීම


අපි කලින් කල ගනනය කිරීම අනුව අපිට දිනකට වොට් පැය 300ක් ගබඩා කර ගත යුතුයි. මේ සඳහා කොපමන ඇම්පියර් පැය ප්‍රමානයක බැටරියක් අවශ්‍ය දැයි බලමු.

සාමාන්‍යෙන් කාර් වල භාවිතාවන බැටරි 12V 45Ah වේ. එවිට එහි ගබඩා කල හැකි මුලු වොට් පැය ගනන 540කි. නමුත් සාමාන්‍ය ස්ටාටර් බැටරි 50% කට වඩා ඩිස්චාජ් කලහොත් ඒවා ඉක්මනින් නරක් වේ. ඒ නිසා අපිට මේ වොට පැය 540ම භාවිතා කල නොහැක

ඇම්පියර් පැය ගනන = 45Ah
වොල්ටීය තාවය = 12v
ගබඩා කල හැකි මුලු වොට් පැය ගනන = 45Ah X 12v = 540 Wh
පාවිච්චි කල හැකි
වොට් පැය ගනන = 540 Wh X 50% = 270 Wh


මේ අනුව අපිට ඇම්පියර් පැය 45ක බැටරියක වොට් පැය 270ක් ගබඩා කර දිනපතා භාවිතා කරන්න පුලුවන්. කඩේ තියන බැටරි වල ගනන් බලා ඇම්පියර් පැය 45කට වඩා වැඩි බැටරියක් ගන්න පුලුවන් නම් හොඳයි.

බැටරි ගැන නිතර අහන ප්‍රශ්න කීපයක්

Q1.  බැටරි ගනන්
A1. වාහන වලින් අයින් කරපු බැටරියක් අඩු ගානකට බැටරි කඩේකින් ගන්න එක තමයි ප්‍රායෝගිකව ලාභම දේ. ලඟදි අයින් කරපු 90Ah 12V බැටරියක් ගත්තනම් වොට් පැය 300ක් ගබඩා කරන වැඩේට ඇතිවෙයි. හැබැයි කොච්චර කාලයක් වැඩ කරයිද කියල කියන්න බෑ

Q2. අලුත් බැටරියක් කොච්චර කාලයක් තියෙයිද ?
A2. අවුරුදු 2 සිට අවුරුදු 5 වගේ කාලයක් තියෙයි.


බැටරිය චාජ් කිරීම

සූර්ය කෝෂ වලින් එන විදුලිය කෙලින්ම බැටරියට දුන්නොත් ඒක ඕව චාර් වෙනවා. වතුර ඉවර වෙලා බැටරියේ ආයු කාලය කෙටි වෙනවා. ඒ නිසා බැටරිය චාජ් කරන්න චාජ් කොන්ට්‍රොලරයක් පාවිච්චි කරන්න වෙනවා.

චාජ් කොන්ට්‍රොලර් වර්ග දෙකක් තියනවා
 

  1. MPPT චාජ් කොන්ට්‍රොලර්
  2. PWM චාජ් කොන්ට්‍රොලර් 
MPPT වර්ගයේදී පැනල් එකේ උපරිම වොට් ගනනක් ලැබෙන විදියට ඉන්පුට් එක හදලා, ඩීසී-ඩීසී බක් කන්වටර් මගින් බැටරියට ගැලපෙන වොල්ටීයතාව සකස් කරනවා. PWM වර්ගයේදී කැඩි කැඩී චාජ් කිරීමක් වෙන්නේ.

PWM චාජ් කොන්ට්‍රොලර් කාර්යක්ෂමතාවය අඩුයි. මිලෙනුත් අඩුයි.
MPPT චාජ් කොන්ට්‍රොලර් කාර්යක්ෂමතාවය වැඩියි. මිලෙනුත් වැඩියි.

චාජ් කොන්ට්‍රොලරය ගන්න කොට ඒකෙ කොපමන ඇම්පියර් ගානක් ගන්න පුලුවන්ද කියලා බලන්න වෙනවා. අපේ සිස්ටම් එක වොට් 100 පැනල් එකක් සහ වොල්ට් 12 බැටරියක් තියෙන නිසා උපරිම ධාරාව ඇම්පියර් 8ක් පණ වේ.


වොට් ගනන = 100W
බැටරි වොල්ටීයතාව = 12V

උපරිම ධාරාව = 100W / 12V = 8.33A



ඒ කියන්නේ අපි ඇම්පියර් 10ක වෝල්ට් 12හෙ චාජ් කොන්ට්‍රොලරයක් ගත්තම ඇති. හැබැයි ලාබ චාජ් කොන්ට්‍රොලර් වල කියල තියන උපරිම ධාරාව ගන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් දෙගුනයක් ධාරාව ගන්න පුලුවන් චාජ් කොන්ට්‍රොලරයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඇම්පියර් 20ක චාජ් කොන්ට්‍රොලරයක්



සෝල පැනල් බැටරියට සවි කිරීම



















බොහෝ චාජ් කොන්ට්‍රොලර් වල මේවගේ කනෙක්ටර් 6ක් තියෙනවා. සෝලා පැනල් ඉන්පුට් එකක්, බැටරි ඉන්පුට් එක සහ අඩු වොල්ටීයතා ඩිස්කනෙක්ශන් සහිත බැටරි අවුට්පුට් එකක්



බැටරියෙන් විදුලිය ලබා ගැනීම

බැටරියෙන් විදුලිය ලබා ගැනීම ක්‍රම දෙකකට කල හැකියි

1. ඩීසී 12V ලෙස
2. ඉන්වටරයක් මගින් ඒසී 230V වලට හරවා 



ඩීසී ලෙසම භාවිතා කරනවා නම් 12V  එල්.ඊ.ඩී බල්බ් භාවිතා කරන්න පුලුවන්. වොල්ටේජ් එක අඩු නිසා වැඩි දුරකට වයර් අදින්න උනොත් වයර් හරහා ඩ්‍රොප් එක වැඩී.

ඒසී වලට හරවා ගන්නවානම් ඉන්වටරක් මිලදී ගන්න වෙනවා. මේක ග්‍රිඩ් ටයිඩ් වර්ගයේ නොවෙයි. මේ ඉන්වටරෙන් එන විදුලිය ග්‍රිඩ් එකට සම්බන්ද කරන්න බෑ. ග්‍රිඩ් ටයිඩ් නොවන ඉන්වටර් වර්ග දෙකක් තියනවා

1. පියෝ සයින්
2. මොඩිෆයිඩ් සයින්


පියෝ සයින් ඕනෙ වෙන්නේ මෝටර්, පරන වර්ගයේ ට්‍රාන්ස්ෆොමර් පාවිච්චි වෙනවානම් විතරයි. නවීන විද්යුත් උපකරන සෑම එකකම පාහේ තිබෙනෙ ස්විච් මොඩ් පවර් සප්ලයි වලට මොඩිෆයිඩ් සයින් දුන්නට කමක් නෑ. CFL සහ LED බල්බත් එසේමයි. 

වොට් 10 බල්බ් 5ක් දල්වන අපේ වැඩේට වොට් 300ක මොඩිෆයිඩ් සයින් ඉන්වටරයක් තිබුනාම හොඳටම ඇති



ඉන්වටර ගැන නිතර අහන ප්‍රශ්න කීපයක්

Q1. පියො සයින් ඉන්වටරයක් ගන්න ඕනෙද?
A1. නෑ. ස්ටෙප් ගනන වැඩි හොඳ මොඩිෆයිඩ් සයින් ඉන්වටරයකින් ඕනෙම නම් ෆෑන් එකක් පවා වැඩ කල හැකියි. අපේ වොට් 100යේ ප්‍රොජෙක්ට් එක සඳහා පියො සයින් එකකට තුන් හතර ගුනයක මිලක් ගෙවීමේ කිසිදු ප්‍රයෝජනයක් නැත.



 









Q2. වොට් සීයේ පැනල් එක ග්‍රිඩ් ටයිඩ් ඉන්වටරයක් හරහා ග්‍රිඩ් එකට සම්භන්ද කල හැකිද?
A2. විදුලි බල මන්ඩලයේ අනුමැතිය නොමැතිව එසේ කල නොහැක


Q3. සොල පැනල් එකක් ග්‍රිඩ් ටයිඩ් ඉන්වටරයක් හරහා ජෙනරේටරයකට සවි කල හැකිද?
A3. තියරි අනුව නම් සාර්ථක වීමට ඉඩ ඇත.  ප්‍රායෝගිකව කිරීමේදී ඉන්වටරයත් ජෙනරේටරයත් දෙකම පිච්චීමට ඉඩ ඇත. මෙය උත්සාහ නොකරන්න 




මේ ලිපියේ වැරදි තැන් තියනවානම් කරුනාකර  පහත විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න
thiwankaw@gmail.com



facebook - https://web.facebook.com/twimalasuriya
linkedin - https://lk.linkedin.com/in/twimalasuriya

"ලයිට් ගියහම කරුවලේ ඉන්නඑපා" කියා ගූගල් කර සරත් මහතා ලියූ මේ ලිපියත් බලන්න
https://4s7sw.blogspot.com/2016/06/blog-post_20.html 



Tuesday, 17 January 2012

Using imapsync on rackspace

to move emails from one rackspace imap account to another rackspace imap account we can use below

imapsync \
--host1 secure.emailsrvr.com \
--user1 thiwanka@monxxx.com \
--passfile1 /home/thiwanka/imap/monxxx.key \
--authmech1 PLAIN \
--host2 secure.emailsrvr.com \
--user2 thiwanka@leapxxx.com \
--passfile2 /home/thiwanka/imap/leapxxx.key \
--authmech2 PLAIN \
--folder INBOX.subfolder \
--delete

http://imapsync.lamiral.info/ for more information